අද පස්වරුවේ තැනින් තැන වැසි

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සිය නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් වෙයි.

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *