අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම
අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පෙරවරුවේ පැවති අතර, එම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සහභාගි විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා 69 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය මාර්ගගත Zoom තාක්ෂණය ඔස්සේ නව පත්වීම්ලාභීන් අමතමින් අදහස් පළ කළ අතර, අධිකරණ ක්ෂේත්රය පිළිබඳ දැනුවත් කිරීම, අධිකරණ ආරක්ෂක තනතුරට අදාල මුලික දැනුම, අධිකරණ ආරක්ෂක තනතුරට අදාල මුලික දැනුම – විනය හා විනය පියවර සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, බී.ඩී.වයි.ආර්.විමලරත්න මහත්මිය සහ අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරී වයි.කේ.එස්.එස්.යටිවැල්ල මහතා සම්පත් දායකත්වයන් Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කරන ලදී.

