අධිවේගී මාර්ගයේ වාහනවල ආසන පටි පැළඳීමේ නීතිය අද සිට ක්‍රියාත්මකයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අධිවේගී මාර්ගයේ ධාවනය කරන සියලුම වාහනවල රියැදුරන් සහ මගීන් ආසන පටි පැළදීම අද සිට අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

එහි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ , කෙසේ වුවද පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ආසන පටි සැකසීමට මාස 3 ක පමණ කාලයක් ලබාදී ඇති බවයි.

ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ ය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *