අන්තර්ජාල හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් මහජනතාවට සිදුකරන වංචා
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
අන්තර්ජාල හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් මහජනතාවට සිදුකරන වංචා කිරීම් රැවටීම් හා විශ්වාසය කඩ කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි පොලිස් ස්ථානවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා වීම වැඩිවී ඇති බවත් මේ පිළිබඳව 2026 වසරේ පොලිස්පති වරයාගේ ඍජු අවධානය යොමුව ඇති බවත් ඒ සදහා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
අන්තර් ජාලය හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින් තමන්ට සමීප මිතුරෙකු ලෙස හෝ විශ්වාසවන්ත සමාගමක් මුවාවෙන් ආකර්ශණීයව මහජනතාව වෙත ලංවී මූල්‍ය කටයුතු බැංකු තොරතුරු හා පුද්ගලික තොරතුරු ලබා ගෙන රැවටීමට හා වංචාවන්ට ලක්කොට ඔවුන් අපරාධයක වින්දිතයන් ලෙස පත්කොට ඇති බව මෙම පැමිණිලි පිළිබඳව විමසා බැලීමේදී ගම්‍ය වන බව පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම පැමිණිලි දෙස විශ්ලේෂණාත්මකව බැලීමේදී පැහැදිලි වනුයේ මෙම වංචා ඉතා සියුම්ව ක්‍රමාණුකූලව ආකර්ෂණීය වෙළද දැන්වීම් වීඩියෝ හා පෝස්ටර් හරහා මහජනයා තුල පෙලබවීමක් ඇති කොට පසුව වට්ස්ඇප් හා ටැලිග්‍රෑම් සමූහයන්ට බදවා ගැනීම් කරන බවය. පසුව කෙටි කලකින් ලක්ෂපති වරම් විශාල ලොතරැයි ත්‍යාගයකට හිමිකම් ලබන්නකු එසේ නොමැති නම් අවධානම් නැති ආයෝජන සඳහා සුදුස්සෙක් බවට නොමිලේ වට්ටම් දීමක් නිවසේ සිට වැඩකිරීම හා ඉහළ වැටුප් ලබන්නකු බවට යනාදී ලෙස සලකා මෙම වංචාවන් සිදු කර ඇති බවයි. මෙහිදී වංචනිකයින් විසින් සමහර අවස්ථාවලදී ගිණුම් අවහිරකර ඇති බව හෝ ගෙවීම් අසාර්ථකවී ඇත යන බිය හා හදිසි කරවීමේ පණිවුඩ හරහා ජනතාවගේ OTP අංකය මුර පදය ලබා මෙම වංචාවන් සිදු කර ඇති බව හෙළිවූ බවය.
එම නිසා ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව ගෙන් ඉතා ගෞරවයෙන් හා උවමනාවෙන් ඉල්ලා සිටිනුයේ ඔවුන්ගේ මුලු සේසතම වංචාකරුවකුට දී මානසික පීඩාවෙන් නොසිට එවැනි වංචාවක ට අසුවූ වින්දිතයකු නම් ඒ පිළිබඳව කොළඹ කොටුව නව මහ ලේකම් ගොඩනැගිල්ලේ 2 වන මහලේ ස්ථාපිත කොට ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමට හෝ ලිඛිත පැමිණිල්ලක් නම් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඔ 01 වෙත හෝ විද්‍යුත් ලිපිනයන් වෙත හෝ එසේත් නොමැති නම් එහි ප්‍රධාන දොරටුව වෙත පැමිණ බාර දීමට ක්‍රියා කරන ලෙසය. එසේම යම් සැකයක් ඇතිවූ අවස්ථාවක බැංකු ගිණුම් තාවකාලිකව අවහිර කිරීමට ද ආරක්ෂිත වෙබ් අඩවියක් හෝ විශ්වාසනීය මාර්ගගත යෙදුම් හෝ වෙබ් අඩවි පමණක් භාවිතා කිරීමට ද තමන්ගේ දුරකථන හා පරිගණක නිතර නිතර යාවත් කාලීන කිරීම ද සැකසහිත ආගන්තුක පණිවිඩයක් සෑම අවස්ථාවකදීම නොසලකා හැරීම ද මහජනයා වෙත ලැබෙන දේශීය හෝ විදේශීය වශයෙන් ඉල්ලීමක් උදව්වක් හෝ පණිවිඩයක් ලැබුනද එය නොසලකා හැර මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී මෙවැනි අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් පොලීසිය වෙත සහය දක්වන ලෙස වැඩි දුරටත් පවසා සිටී.


