අමෙරිකාව පහර දුන්නොත් මැදපෙරදිග ඇති අමෙරිකානු කඳවුරුවලට පහර දෙනවා

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත්, එක්සත් ජනපද කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය කලාපීය රාජ්‍යයන්ට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙම අනතුරු ඇඟවීම සිදුවන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් සිදු කරන බවට කරන ලද තර්ජන හමුවේයි.

ඉරානයට පහර දුනහොත් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ තුර්කිය වැනි රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට තමන් ප්‍රහාර එල්ල කරන බවට ඉරාන රජය එම රටවලට දැනුම් දී තිබේ.

තවද ඉරානය තුළ පවතින විරෝධතා මර්දනය කිරීමේදී මියගිය සංඛ්‍යාව මේ වන විට 2,650 ට ආසන්න වී ඇති බවයි මානව හිමිකම් ආරකෂණ සංවිධානයේ විධායක අධ්‍යකෂක අචාරය්‍ය එම් එම් සෆාන් මහතා පෙන්වා දෙන්නේ.

මෙය 1979 විප්ලවයෙන් පසු ඉරාන පාලන තන්ත්‍රය මුහුණ දෙන දැවැන්තම අභියෝගයයි.

විරෝධතාකරුවන් එල්ලා මැරීමට ඉරානය කටයුතු කළහොත් අමෙරිකාව “ඉතා ප්‍රබල පියවරක්” ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. ඔහු විරෝධතාකරුවන්ට පවසා ඇත්තේ “උදව් ලැබෙමින් පවතී” යනුවෙනි.

පවතින දැඩි උණුසුම් තත්ත්වය මත ඉරාන විදේශ අමාත්‍යවරයා සහ අමෙරිකානු විශේෂ නියෝජිතයා අතර පැවති සෘජු සබඳතා ද මේ වන විට අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් ඉරානයට මැදිහත් වීමට තීරණය කර ඇති නමුත්, එය සිදුවන ආකාරය තවමත් අපැහැදිලි බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.

මේ අතර ඉරානය තුළ සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් හෝ වහාම පිටවන ලෙසයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

හමුදාමය ක්‍රියාමාර්ගවලට අමතරව, ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම රටක නිෂ්පාදන සඳහා 25% ක ආනයන බද්දක් පැනවීමට ද ට්‍රම්ප් තීරණය කර ඇත.

මෙම තත්ත්වය ලෝක දේශපාලනයට සහ විශේෂයෙන්ම මැදපෙරදිග ස්ථාවරත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ බිය පළ කරති.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *