ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
2026 පෙබරවාරි 15 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉන්දියා-පකිස්ථාන තරගයෙන් පමණක් ඉවත් වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා හරහා තමන්ට දැනගන්නට ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම තරගාවලිය දෙස මහත් උනන්දුවෙන් බලා සිටින බවත්, ශ්‍රී ලංකාවට පවරා ඇති සියලුම තරග සඳහා වාණිජ, මෙහෙයුම්, සැපයුම් සහ ආරක්ෂක විධිවිධාන දැනටමත් අවසන් කර ඇති බවත් ලිපියේ සඳහන් වේ. මෙයට ආගන්තුක සත්කාර සැලසුම් සහ ප්‍රවේශ පත්‍ර අලෙවිය ද ඇතුළත් වේ.
විශේෂයෙන්ම ඉන්දියා-පකිස්ථාන තරගය සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවිය අවසන් වී ඇති අතර, ඒ සඳහා පෙර නොවූ විරූ මහජන උනන්දුවක් සහ ඉහළ වාණිජමය අපේක්ෂාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.
මෙවැනි ප්‍රමුඛ පෙළේ තරගයකට සහභාගී නොවීම හරහා විශාල මූල්‍ය අලාභයක්, සංචාරක ආදායම අහිමි වීම සහ පුළුල් ආර්ථික පසුබෑමක් ඇති විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනතුරු අඟවා ඇත.
පෙබරවාරි 15 තරගය සඳහා කොළඹ පදනම් කරගත් හෝටල් රැසක වෙන්කරවා ගැනීම් අවලංගු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය මේ වන විටත් දැඩි පසුබෑමකට ලක්ව ඇත. ජාත්‍යන්තර නරඹන්නන්ගේ පැමිණීම ඉලක්ක කර හෝටල් සූදානම් වී සිටියද, මෙම අවලංගු කිරීම් ඔවුන්ගේ ලාභාංශ ප්‍රක්ෂේපණයන්ට සෘජුවම බලපා ඇත.
වෙනත් රටවල් පකිස්ථානයේ සංචාරය කිරීමට පසුබට වූ අභියෝගාත්මක සහ සංවේදී ආරක්ෂක තත්ත්වයන් යටතේ පවා ශ්‍රී ලංකා කණ්ඩායම කිහිප වතාවක්ම පකිස්ථානයේ සංචාරය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිහිපත් කර ඇත. එම තීරණ ගනු ලැබුවේ ක්‍රීඩාශීලීත්වය සහ දෙරටේ මණ්ඩල අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව බව ලිපියේ දැක්වේ.
එම සහයෝගීතාවයේ ජීවගුණය පකිස්ථානය ද ප්‍රදර්ශනය කරනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර, ආරක්ෂාව, මධ්‍යස්ථභාවය සහ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ සහතිකය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි. ඒ අනුව, ඉන්දියා-පකිස්ථාන තරගයෙන් ඉවත් වීමට ගත් ඕනෑම තීරණයක් නැවත සලකා බලා, ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තරගාවලියට පූර්ණ ලෙස සහභාගී වන ලෙස පකිස්ථානයෙන් ගෞරවාන්විතව ඉල්ලා ඇත.


