ඉන්දුනීසියාවේ ගංවතුරින් මියගිය ගණන ඉහළට)-

BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට බලපා ඇති ගංවතුර ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා තත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

බාලි දූපත්වලට ඇදහැලෙන වර්ෂාව මේ වන විට අඩු වී ඇති අතර පැවති ගංවතුර තත්වය ද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *