ඉන්ධන අර්බුදයෙන් ONLINE ඉගැන්වීමට තීන්දුවක් එයිද❓
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
බලශක්ති ගැටලු හමුවේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කරුණු පැහැදිලි කළේය.
උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීම උදෙසා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ එළඹෙන සතියේදී ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය (සෘජු දේශන හෝ මාර්ගගත ක්‍රමය) පිළිබඳව ඉදිරියේදී නිශ්චිත තීරණයක් ගැනීමට නියමිතය. මෙහි මූලික අරමුණ වන්නේ අනවශ්‍ය සංචරණ සීමා කරමින් බලශක්තිය පිරිමසා ගැනීමයි.
බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පාසල් සඳහා ද දැඩි සීමා පනවා ඇත. අධ්‍යාපන චාරිකා සහ විශාල පිරිසක් සහභාගී වන උත්සව තාවකාලිකව අත්හිටුවා ඇති අතර පාසල් බස් රථ සහ අනෙකුත් වාහන භාවිතය අවම කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

