ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය දේවල් සීමා වුවහොත් නුවරඑළිය වසන්ත සමය කඩාවැටී ජන ජීවිතය නොසන්සුන් වේවි:

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන්ගෙන් අනතුරු ඇඟවීමක්.

ඉන්ධන ආහාර  ඇතුලු අත්‍යාවශ්‍ය සැපයුම් පිළිබඳව  ආණ්ඩුව පවතින ලෝක යුද තත්වය හරි හැටි අවබෝධ කර ගනිමින් කටයුතු නොකළහොත් ඉදිරියේ ලක්ෂ ගණනින් සංචාරකයන් නුවරඑළියට පැමිණෙන වසන්ත සමයේ නුවරඑළියේ ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී සංචාරකයන් කිසිවෙකු නුවරඑළියට සංචාරය සඳහා නොපැමිණීමේ අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කඳුරට ජනතා පෙරමුණේ නායක වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා  පවසයි .

ඔහු මේ බව කියා සිටියේ රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් (17) නුවර එළිය සිය කාර්යාලයේදී පවත්වමිනි ,

වැඩිදුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා මෙසේද කීය ,

ආණ්ඩුව  විසින් දැනටමත් පනවා ඇති ඉන්ධන සීමාවන් හේතුවෙන් නුවරඑලිය සංචාරක කර්මාන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇති  බවත් එම තත්වය වර්ධනය වුවහොත් එම අංශය බිඳ වැටී ජනතාව නොසන්සුන් තාවයට පත් වනවා ,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව සංචාරක කර්මාන්තය හා කෘෂිකර්මාන්තය මත පදනම් වී සිය ජීවනෝපාය සරි කරගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ දෛනික කටයුතු සිදු කරගෙන යාම සදහා ඉදිරි පහසුකම් සැපයීමට  ආණ්ඩුව මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි,

එනමුට්ග් එවැනි වැඩපිළිවෙලක් පිළිබඳව මේ දක්වා ආණ්ඩුව අවධානය යොමු කර නැහැ ,

අපි හැම විටම මේ වන විට ලෝකයේ පවතින යුද වාතාවරණය හමුවේ රටක් ලෙස ඊට මුහුණ දිය යුතු ආකාරය පෙන්වා දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු අපේ මන්ත්‍රී කණ්ඩායම මෙවැනි ගෝලීය යුද වාතාවරණය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමට කිසිසේත්ම උත්සාහ ගන්නේ නැහැ .

අපි හැම විටම පෙන්වා දෙන්නේ පවතින සත්‍ය තත්වයයි.

ආණ්ඩුවට විශාල බහුතර බලයක් තිබෙන නිසා ඔවුන් විපක්ෂයේ සැබෑ හඬට කන් දෙන්නේ නැහැ.

අපි පෙන්වා දෙන සැබෑ තත්වය තේරුම් ගැනීමට තරම් ආණ්ඩුවට නිහතමානි බවක් නැහැ.

යම් ලෙසකින් මේ අර්බුදකාරි වාතාවරණය හමුවේ මේ අය විපක්ෂයේ හිටියානම් මුලු රටම විශාල අවුලකට ඇඳ දමනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *