ඊළඟ ඡන්දේ වෙද්දි විපක්ෂේ බහුතරයක් හිරේ.. – නි. ඇමත

 

මීළඟ මැතිවරණය පවත්වන කාල සීමාව වන විට විපක්ෂයේ දේශපාලනඥයන් බහුතරයක් සිරගත වන බවත් මැතිවරණයට තරග කිරීමට ජාතික ජන බලවේගය හැර කිසිවෙකුත් ඉතිරි නොවන බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“දැන් කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ප්‍රාදේශීය සභාවල බලය අල්ලනවා එකතුවෙලා කියලා, එකතුවෙලා ඉතින් ඕක අල්ලාගෙන ඉන්නයි තියෙන්නෙ. වෙන මොකුත් කරන්න බෑ. ලබන මැතිවරණය වෙනකොට ඔය මහත්තුරු ඔක්කොම ඇතුළේ. කවුරුත් ඉතුරු වෙන්නෑ ඡන්දෙ ඉල්ලන්න. අපෙ වුවමනාවට යනවා නෙවෙයි, නඩු අහලා වැරදිකරු වෙනවා.
දැන් දෙකක් ගියා අවුරුදු විස්ස විසිපහ. බය වුණ තරම කොච්චර ද කියනවා නම් පක්ෂ හතරම එකතුවෙලා තීන්දුවක් ගත්තා අපි ඔක්කොම එකතුවෙලා ප්‍රාදේශීය සභා හදනවා කියලා. පක්ෂ හතර නෙවෙයි අටක් එකතුවෙලා බලපෑම් කළත් යවන එක යවනවා ඉදිරි අවුරුදු හතර තුළ මහ උළු ගෙදර, මේ රටේ ජනතාවගේ දේපළ හොරකම් කරපු අයව.”

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *