එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇත.

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඒ අනුව, රජයේ පාසල් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධනයකට පක්ෂ ඡන්ද 261ක්ද විපක්ෂව ඡන්ද 150ක් හිමිව ඇති අතර, විපක්ෂ ලෝඩ් සාමාජිකයින් මෙම තහනමට සහයෝගය පළ කර තිබේ.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන්නේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ පහළ සභාව වන (House of Commons) කොමන්ස් සභාවේදී අවලංගු කිරීමට උත්සාහ කරන බවය.

එමෙන්ම, වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් විසින් වෙනම මහජන උපදේශන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් පවතින බවද රජය පෙන්වා දී ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, බ්‍රිතාන්‍යයේ දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ සමාජ මාධ්‍ය සමාගම්වල වගකීම පිළිබඳව වැදගත් නව පියවරක් වනු ඇති බව දේශපාලන සහ සමාජ විශ්ලේෂකයින් සඳහන් කරති.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *