එජාප සංවත්සර සැමරුම කල් දමයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

රනිල් මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන එජාප සංවත්සර සැමරුම කල් දමයි
එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

අද (02) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් එම තීරණයට එළැඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *