එයාර් බස් ගනුදෙනුවෙ නඩුවේ වරෙන්තු නිකුත් කිරීම නියෝගය කල්යයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂට වරෙන්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 2 වන දින ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) අධිකරණයට දැන්වූවා.
අධිකරණයේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂකවරිය සාක්ෂි මෙහෙය වනු ලැබුවා.
සාක්ෂි මෙහෙය වීමෙන් පසුව සහකාර නීති අධ්‍යක්ෂකවරිය පවසා සිටියේ මෙම සිද්ධියට අදාලව අල්ලස් ලබා ගැනීම සහ ආධාර අනුබල ලබා දීම යන චෝදනාවන්ට අනුව මෙම පුද්ගලයන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර ඇති බවයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

