කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් – වලංගු දින දිර්ඝ කරයි

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා 2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

2025 වසරේ නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් නියමිත කාලය තුළ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට යාමේදී මහජනතාවට බරපතල දුෂ්කරතා මුහුණ දීමට සිදුවිය.

එම සමය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ ද සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා වූ බව සඳහන් වේ.

මෙම තත්ත්වයන් හේතුවෙන් සියල්ලටම අහිතකර බලපෑමක් ඇති නොවන ලෙස, 2025 නොවැම්බර් 25 සිට 2025 දෙසැම්බර් 24 දක්වා කාලය තුළ වලංගු කාලය ඉක්මවීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය, එය කල් ඉකුත් වීමට නියමිත දිනයේ සිට මාසයක කාලයක් සඳහා තාවකාලිකව දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම නියෝගය අංක 2467/52 දරන 2025 දෙසැම්බර් 17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, 203 වන අධිකාරය යටතේ ඇති මෝටර් වාහන පනතේ විධිවිධාන අනුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *