කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතුයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය වෙතින් ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය. තීන්දුවට අනුව සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතුය.

ඒ සමඟ එකල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටටයුතු කළ ජනක චන්ද්‍රගුප්ත මහතා විසින් රුපියල් මිලියන 50ක මුදලක් ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතා විසින් රුපියල් මිලියන 50ක මුදලක් ද රජයට ගෙවිය යුතු බවත් නියෝග කළේය. ඊට අතිරේකව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා විසින් තවත් මිලියන 50ක් ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවයි තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ.

Transpirancy International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන්ට සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *