ගංවතුරෙන් එක්වූ කැලිකසළ 50%ක් ඉවත් කරයි.!

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

ගොඩගැසුණු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශාල ප්‍රගතියක් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහචාර්ය තිලක් හේවාවසම් සඳහන් කරයි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුරෙන් යට වූ ප්‍රදේශවල කැලිකසළ වලින් 50%ක් මේ වනවිට ඉවත් කර ඇති බවද සභාපති මහචාර්ය තිලක් හේවාවසම් සඳහන් කරයි.

ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය හා සායනික අපද්‍රව්‍ය ලෙස වර්ගකීරණය කිරිමේ අවශ්‍යතාව පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇති බවද සභාපති මහචාර්ය තිලක් හේවාවසම් සඳහන් කරයි.

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ගංවතුරින් යටවූ මහනුවර, කුණ්ඩසාලේ, පූජාපිටිය ආදී ප්‍රදේශවල කැළිකසළ මේ වනවිට ඉවත් කර අවසන්ය.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශ රැසක ගොඩගැසුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30000කට අධික බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *