ගල්අඟුරු සැපයීම සමාලෝචනයට විශේෂඥ කමිටුවක් පත් කරයි
www.bbcmirror.lk www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය සම්පූර්ණයෙන් සමාලෝචනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
අදාළ කමිටුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විදුලිබල ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත වන අතර, ගල්අඟුරු සැපයුම් ක්‍රියාවලියේ තාක්ෂණික, මෙහෙයුම් හා ප්‍රමිතී සම්බන්ධ කරුණු විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
කමිටුවේ සභාපතිවරයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ මහතා පත් කර ඇති අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු සාමාජිකයන් ලෙස ඇතුළත් කර ඇත.
එමෙන්ම බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල අංශ ප්‍රතිව්‍යුහගතකරණ) කේ.එල්.ආර්.සී. විජයසිංහ මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම කමිටුව ගල්අඟුරු සැපයුම් ක්රමයේ පවතින තත්ත්වය විශ්ලේෂණය කර, අවශ්‍ය යෝජනා සහ නිර්දේශ සමඟ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

