ග්‍රාම නිලධාරීන් සැලසුම් කළ නිහඬ විරෝධය තාවකාලිකව නවත්වයි

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන්, මාර්තු 03වනදා රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

ඒ 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු), අතිරේක ලේකම් (ග්‍රාම නිලධාරි පාලන), ආයතන අධ්‍යක්ෂ හා අමාත්‍යංශ නිලධාරින් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.

2009/2010 ග්‍රාම නිලධාරින්ගේ ශ්‍රේණි ගැටලුව සඳහා විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය ඇතුළත නිශ්චිත විසඳුමක් ලිඛිතව ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්වරයා අදාළ සාකච්ඡාවේදී දැනුවත් කළ බව මෙම එකමුතුවේ මාධ්‍ය ලේකම් කුමුදු වඩුමුල්ල මහතා පැවසීය.

මෙම එකඟතාව හේතුවෙන් මාර්තු 3 දින පැවැත්වීමට නියමිත නිහඬ විරෝධතාව තාවකාලිකව අවලංගු කරන බවත්, ඉදිරි සතිය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් මාර්තු 16 දින මෙම නිහඬ විරෝධතාවය වෙනුවට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සමගින් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ඔහු පැවසීය.

www.bbcmirror.com

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-         

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *