ගිය වසරේ පරිගණක පැමිණිලි 12000 ක්. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
පසුගිය 2025 වසර අවසන් වන විට අන්තර් ජාතික පරිගණක වංචාවක් පිළිබද පැමිණිලි 12000 ක් තම ආයතනය වෙත ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චනක දමුණුපොල මහතා මාධ්‍ය වෙත පැවසීය.
උත්සව සමය සමගින් ව්‍යාජ වෙබ් අඩවි මගින් සිදු වන වංචා සහ පසුගියදා ඇතිවූ ආපදාවන්ට මුදල් ආධාර එකතු කිරීම මුවාවෙන් ද වංචා විශාල ප්‍රමාණයක් සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් සියළුම දෙනා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ඉංජිනේරු වරයා පවසා සිටියේ සමාජ මාධ්‍ය පරිහරණයේදී තමන්ගේ පුද්ගලික තොරතුරු බැංකු විස්තර හා බැංකු කාඩ්පත් විස්තර විශේෂයෙන් තමන්ගේ පරිගණක පාස්වර්ඩ් අංක හෝ OTP අංක බාහිර පාර්ශව වෙත ලබා නොදීම ට සෑම අයෙකුම වගබලා ගත යුතු බවයි.

