ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දිගින් දිගට සාකච්ඡා සිදුවන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල එක් කොන්දේසියක් වන පාසල් දෙක දක්වා පැවැත්වීම ඇතුළු කරුණු කීපයකටද බොහෝ දෙනෙක් විරුද්ධ වී තිබුණි.

එවැනි වාතාවරණයක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහිවෙන අධ්‍යාපන සභාව’ මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ ‘Whatsapp’ සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එම සමූහය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවය.

එමෙන්ම එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් එම නිවේදනයේ දැක්වේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අදාළ පාර්ශ්වයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *