අගමැති හරිනි හෙට ඉන්දියාවට

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අගමැති හරිනි හෙට ඉන්දියාවට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට ( 16) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අග්‍රාමාත්‍යවරිය හෙට ( 16) සිට එළැඹෙන 18 වනදා දක්වා එලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

ඇයගේ එම සංචාරය අතරතුරදී, අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ ද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

ඔක්තෝබර් 17 වැනි දින NDTV සහ චින්තන් පර්යේෂණ පදනම විසින් සංවිධානය කිරීමට නියමිත NDTV ලෝක සමුළුවේදී, අග්‍රාමාත්‍යවරිය විසින් “අවිනිශ්චිත කාල වකවානුවලදී ඇතිවන විපර්ය්‍යාස මෙහෙයවීම” යන තේමාව යටතේ සමුළුවේ දේශනය පවත්වනු ඇත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *