ජාත්‍යන්තර හා ජාතික දක්ෂතා දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ කැපී පෙනෙන ජයග්‍රහණ අත්පත් කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා සංවිධානය කරන ලද ඇගයීම් උත්සවයක් ඉකුත් (31) දා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී 2025 වසරේ මාලදිවයිනේ පැවති ලෝක කැරම් ශුරතා තරඟාවලියේ දී පිරිමි කණ්ඩායම දෙවන ස්ථානයද කාන්තා කණ්ඩායම තුන්වැනි ස්ථානයද ලබාගත් අතර ඒ සඳහා සහභාගී වූ ගුවන් හමුදා නිලධාරයන් ඇගයීමට ලක් කොට ඔවුන් සදහා උසස්වීම් ලබාදීමට කටයුතු කෙරිණි.
එසේම පසුගිය වසරේ පැවැති 13 වන ආරක්ෂක සේවා තරගාවලියේ දී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙහිදී ඇගයීමට ලක් කරයි.

