ඩොලරය රු.319 දක්වා ඉහළට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.

මහ බැංකු දත්ත අනුව, ඊයේ (31) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වන විට අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 311.76ක් ලෙසත්, විකුණුම් මිල රු. 319.31ක් ලෙසත් වාර්තා වී තිබේ.

මෙම අවප්‍රමාණය සඳහා 2026 පෙබරවාරි අග භාගයේදී මැදපෙරදිග කලාපයේ උද්ගත වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ඇතිවූ බාහිර අංශයේ පීඩනයන් බලපා ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

කෙසේවෙතත්, රුපියලේ අගය පහළ ගියද 2025 නොවැම්බර් මාසයේ සිට පවතින ප්‍රවණතාවය දිගටම පවත්වා ගනිමින් 2026 පෙබරවාරි මාසයේදීද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇත. 2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලසීමාව තුළ සමුච්චිත අතිරික්තය අමෙරිකානු ඩොලර් මිලියන 487ක් ලෙස සඳහන් වේ.

ඒ අතර, වෙළඳ හිඟය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවී තිබේ. 2025 මුල් මාස දෙකේ ඩොලර් බිලියන 1.1ක් වූ වෙළඳ හිඟය, 2026 එම කාලය තුළ ඩොලර් බිලියන 1.4ක් දක්වා පුළුල් වී ඇති බව “බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය” වාර්තාවෙන් හෙළි වෙයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *