තැපැල් දෙපාර්තමේන්තුවේ නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිතා කරමින් සිදුකරන Phishing Scam පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර
සැපැල් දෙපාර්තමේන්තුවේ නිල අඩවිය සහ නාමය අවභාවිතා කරමින්, ජංගම දුරකථන 5M5 මගින් පාර්සලයක් ලබා ගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා, එම මුදල Online Payment ක්‍රමය හරහා Bank Card (Debit/Credit Card) භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයන් ඉලක්ක කරන Phishing Scam ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම වංචනික ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway wow Card Details ඇතුළත් කරන අවස්ථාවේදී, ඔවුන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීම සිදුවේ.
මේ පිලිබඳව අගතියට පත්වූ හා අදාල කෙටි පණිවුඩ ලද මහජන පැමිණිලි පැමිණිලි බොහෝමයක් ලැබී ඇති අතර මෙම Phishing Scam පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාල ආයතන දැනුවත් කර ඇත. මෙම වංචනික ක්රිසිවලිය විටෙන් විට අඩුවැඩි වශයෙන් පවතින අතර මේ දිනවල එම ක්‍රියාකාරකම් දැඩිව වැඩි වී ඇති බව නිරීක්ෂණය වේ.
ඒ අනුව, මෙම තත්ත්වය හේතුවෙන් රජයටත් තැපැල් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයටත් හානියක් සිදුවන අතර, සාරිභෝගිකයන්ගේ මුල්‍ය ආරක්ෂාවටද බරපතළ අවදානමක් ඇතිවී ඇත.
ඒ හේතුවෙන්, මහජනතාව මෙම වංචාකාරී කෙටි පණිවුඩ සබැඳි (SMS Links), ව්‍යාජ වෙබ් අඩ වී සහ මාර්ගගතගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, නොහඳුනන links or click නොකරන ලෙසත්, තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශව පුද්ගලයන්ට හෝ වෙබ් අඩවි (Third party web sites) වලට ලබා නොදෙන ලෙසත් පුළුල් ලෙස දැනුවත් කිරීම සඳහා, මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කර දෙනා ලෙස කාරුණිකව ඉල්ලා සිටීම.


