තෛපොංගල් දිනය අදයි හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
මාධ්‍යවේදී
ෆාතිමා සෆාන්
ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි.
සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.
හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදුකෙරෙන බව සඳහන්ය.
කිරි උතුරුවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකේ.






