දිවයිනටම පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අලුත් අවුරුදු උත්සව සමය එළඹෙත්ම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන විවිධ මූල්‍ය වංචාවන් සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් කටයුතු වෙනුවෙන් ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන බැවින් පවතින ආර්ථික අපහසුතා මත ක්ෂණික මූල්‍ය ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීම මෙම වංචාකරුවන්ට පහසුවක් වී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මූලස්ථානය වාර්තා කරයි.

ඉකුත් වසරවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි විශ්ලේෂණය කිරීමේදී බොහෝ පිරිසක් මෙවැනි උපක්‍රමවලට හසු වී ඇති බව හෙළි වී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එමෙන්ම වංචාකරුවන් විසින් ජනතාව මුලා කිරීමට විවිධ ක්‍රමවේද රැසක් භාවිත කරන බව ද වාර්තා වේ.

ඒ අතර, ව්‍යාජ අවුරුදු දීමනා (Offers) සහ තෑගි (Giveaways), ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ යෙදුම් (Apps), ව්‍යාජ QR කේත ස්කෑන් කර මුදල් ලබාගැනීමේ ක්‍රම, ඊමේල් සහ කෙටි පණිවිඩ (Email & SMS Phishing), දුරකථන අංක ව්‍යාජ ආකාරයට පෙන්වන Caller ID Spoofing ක්‍රමය ආදි දැක්විය හැකි බවයි පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.

එසේ ලබාගන්නා පුද්ගලික දත්ත භාවිතා කරමින් පුද්ගල අනන්‍යතාවය සොරකම් කිරීම හා බැංකු ගිණුම්වල ඇති මුදල් කොල්ලකෑමේ බරපතළ අවදානමක් පවතින බව පොලිසිය අවධාරණය කරයි.

එබැවින් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී හෝ ලැබෙන පණිවිඩවල අඩංගු ලින්ක් (Links) පරීක්ෂා කිරීමේදී නිසි අවබෝධයකින් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *