දුයිෂෙන් අද මහජන පුස්තකාලයේ දී එළිදැක්වේ.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
චිංගීත් අයිත්මාතව් ගේ ගුරු ගීතය කෘතිය තුළින් හදවතේ ලැගුම්ගත් ‘දුයිෂෙන්’ ගේ කථාව ගුරු ගීතයට පසු කථාවක් ලෙසින් ප්‍රවීණ මාධ්‍යවේදී ලේඛක ජනප්‍රිය ජයසිංහ විසින් රචනා කරන ලද ‘දුයිෂෙන්’ ග්‍රන්ථයක් ලෙසින් ජනගත කිරීම අද (09) දා පස්වරු 04 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.
මෙම උත්සව අවස්ථා වේ ප්‍රධාන දේශනය සම්මානනීය ප්‍රවීණ මාධ්‍යවේදී චිත්‍රපට හා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ ලලිත් රෝහණ එදිරිසිංහ මහතා සිදු කරන අතර මෙම ග්‍රන්ථය සෙනරත් ප්‍රකාශණයක් ලෙසින් එළිදැක්වේ.


