නාමල් රාජපකෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගුයි

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හමුවේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ දේශන වාරයන් අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් (Oxford Union) ශිෂ්‍ය සංගම් පියවර ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කිහිපයක දෙමළ ශිෂ්‍ය සංගම් ඉන්ස්ටග්‍රෑම් (Instagram) හරහා නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කළේ, නාමල් රාජපක්ෂට වේදිකාවක් ලබා දීම යනු යුද සමයේ සිදුවූයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොසලකා හැරීමක් බවයි.

ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති කැතරින් යැං ප්‍රකාශ කළේ, සිසුන් විශාල පිරිසක් තමන්ට විවෘතව ප්‍රශ්න ඇසීමට ආරක්ෂිත වටපිටාවක් නොමැති බව ප්‍රකාශ කළ බැවින් මෙම තීරණය ගත් බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *