නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අනතුරුදායකයි

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

එම පාසල්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යුනිසෙෆ් නියෝජිතයින්ට දන්වා තිබේ.

ආපදාවට ලක්වූ පාසල් යළි යථාතත්වයට පත්කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින්  පිරිසක් අතර හමුවක් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් ඇය මේ බව පවසා ඇත.

මේ අතර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ඉහළ ඇති පස්කන්දක් නායයෑමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා වීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් නිලධාරීන් අද (21) එම ස්ථානය නිරීක්ෂණය කළේය.

එහිදී නිගමනයකර ඇත්තේ එය පස් තට්ටුවක් කඩාවැටීමක් මිස නායයාමක් නොවන බවය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *