නාවික හමුදාවෙන් තවත් ජල පිරිපහදු 2 ක්.

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

කුරුණෑගල වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බවය හා අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනුමැරූවැව ග්‍රාමයන්හි වසන ජනතාවගේ පිරිසිදු ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරමින් ප්‍රතිආශ්‍රැති කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් සකසා ජනතා අයිතියට පත් කිරීමට පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.

නාවික හමුදාව සිදු කරන සාමාජීය මෙහෙවර යටතේ සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මූල්‍ය අනුග්‍රහය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

තවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තාක්ෂණික හා ශිල්පීය දායකත්වය සැපයූ 1151 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය මෙය වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *