නාවික හමුදා ආධුනික නාවිකයින් 363ක් විසිර යයි.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පහක් (305) සහ ස්වේච්ඡා  ආධුනික නාවිකයන් පනස් අට දෙනෙකු (58)  ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැටතුන් දෙනෙකු (363) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර ඉකුත්දා (13) ගාල්ල බූස්ස නාවික හමුදා සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර මහතා සහභාගී විය.

මෙහිදී සිදුකෙරුණු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එච්කේඑච්අයි ජයවර්ධන විසින් හිමිකර ගන්නා ලදි.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් උදෙසා රියර් අද්මිරාල් ජගත් කුමාර මහතා කතා කළ අතර ජවසම්පන්න විනයගරුක දූ පුතුන් මව්බිම සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට දායාද කල විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමව්පියන් වෙත සහ ඔවුන් පුහුණු කිරීම සඳහා දායක වු පුහුණු උපදේශක කාර්‍යමණ්ඩලය වෙත කෘතඥතාවය ද පල කරන ලදී.

විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ සංදර්ශණයකින්ද  වර්ණවත් වූ අතර

මෙම අවස්ථාවට දකුණු නාවික විධානයේ ආඥාපති හා නාවික හමුදා ජල ශාස්ත්‍ර ප්‍රධානී රියර් අදමිරාල් දම්මික විජේවර්ධන ඇතුළු  නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ විසිර යන ලද ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com   https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c  https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-  https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *