නිති විරොදිව හොරට QR එකෙන් තෙල් ගහපු අයෙක් අල්ලයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
වෙනත් පුද්ගලයෙකුගේ QR කේතයක් භාවිත කරමින් ඉන්ධන ලබාගත් බවට චෝදනා එල්ල වන සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලට අනුව, සැකකරු කාන්තාවකට අයත් මෝටර් රථයක දත්ත භාවිත කරමින් නව QR කේතයක් නිර්මාණය කර වංචනික ලෙස ඉන්ධන ලබාගෙන ඇත.
‘1919’ ක්ෂණික ඇමතුම් අංකය හරහා ලැබුණු තොරතුරු මත පදනම්ව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කර තිබේ.
පසුව, CID යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන අංශයේ (CCID) සයිබර් අපරාධ නිරීක්ෂණ ඒකකය විමර්ශනය සිදුකර ඇති අතර, එමඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.



