නිෂ්පාදන පිරිවැය දරා ගන්න බැහැ:පානිය ජල බෝතල් මිල වැඩිකරන්න

www.bbcmirror.lk

www.Lankawebnews.lk

පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලති….

ප්ලාස්ටික් බෝතල් ඇතුලු නිෂ්පාදන අමුද්‍රව්‍ය මිළ දැරිය නොහැකි ලෙස ඉහළ් යාම හේතුවෙන් තම කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බැවින්  වෙළඳපොළේ පානීය ජල බෝතල් වල මිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

  මධ්‍යම පලාත් ස්වාභාවික ඛනිජ ජලය නිෂ්පාදකවරුන්ගේ සංගමය ඇතුලු රටපුරා විසිරී සිටින එම නිෂ්පාදකයින්ගේ සංගම් නියෝජිතයන් පිරිසක් සමඟ ඊයේ 26  කොළඹ පාරිභෝගික සේවා අධිකාරියේ පැවැති සාකච්ඡාවකදී ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවේ කවුන්සලයේ සභාපති නීතීඥ  තුෂාර රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී පානීය ජල බෝතල් වල මිල ඉහළ යාම නිසා කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග අභියෝග පුළුල් ලෙස සාකච්ඡා කෙරී ඇති අතර රුපියල් 70 ට ඇති මිලිලීටර 500 බෝතලයක් රුපියල් 90 දක්වා වැඩි කිරීමටත්

100 ඇති ලීටරය 130 දක්වාත් රුපියල් 130 මිලිලීටර 1500  රුපියල් 160 දක්වාත්  ලීටර 5 රුපියල් 350 සිට 450 දක්වාත් වැඩි කිරීමටත් මෙහිදී නිෂ්පාදකයින්  ඉල්ලීමක් කර ඇත.

ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් සියළු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම තම කර්මාන්තය පවත්වාගෙන යාමට බලවත් තර්ජනයක් එල්ල කර ඇති බැවින් මෙම මිල වැඩි කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව මධ්‍යම පලාත් ස්වාභාවික ඛනිජ ජලය නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැදවුම්කරු සපුමල් කුමාර මහතා පැවැසිය .

  එහිදී අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවේ කවුන්සලයේ සභාපති නීතීඥ  තුෂාර රණතුංග සදහන් කර ඇත්තේ අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර අවසන් තීරණයක් ගන්නා බවයි.

මෙම හමුව සදහා රටපුරා සිටින පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගම් සාමාජිකයන් පිරිසක් එක්ව සිටි අතර මධ්‍යම පළාත් ස්වාභාවික ඛනිජ ජලය නිෂ්පාදකවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති ජයන්ත විජේසේකර ,ලේකම් ලක්ෂමන් කුරුකුලසූරිය , භාණ්ඩාගාරික ඕ.ජී.එස්.වීරරත්න යන මහත්වරුන් එක්ව සිටියහ .

www.bbcmirror.com

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-         

https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *