නෙතන්යාහු අසාර්ථක අසමත් බව ඊශ්‍රායල විපක්ෂ නායක කියයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල විපක්ෂ නායක යයිර් ලැපිඩ් (Yair Lapid) පවසන්නේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු “දේශපාලනිකව අසාර්ථක” වී ඇති බවයි.
ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
යයිර් ලැපිඩ් සිය සටහනින් පෙන්වා දෙන්නේ, ජාතික ආරක්ෂාවේ මූලික කාරණා සම්බන්ධයෙන් තීරණ ගන්නා විට ඊශ්‍රායලය එම සාකච්ඡා මේසයේ පවා නොසිටි බවයි.
සමස්ත ඊශ්‍රායල ඉතිහාසයේ ම මෙවැනි දේශපාලන ව්‍යසනයක් මීට පෙර සිදුව නොමැති බවත් ඔහු සිය සටහනින් අවධාරණය කර තිබේ.
“අපගේ සමස්ත ඉතිහාසයේ මෙවැනි දේශපාලන ව්‍යසනයක් මීට පෙර සිදු වී නැත. අපගේ ජාතික ආරක්ෂාවේ මූලික කාරණා සම්බන්ධයෙන් තීරණ ගන්නා විට ඊශ්‍රායලය එම සාකච්ඡා මේසයේ පවා සිටියේ නැත. හමුදාව තමන්ගෙන් ඉල්ලා සිටි සියල්ල ඉටු කළා. ජනතාව පුදුමාකාර ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කළා. නමුත් නෙතන්යාහු දේශපාලනිකව අසාර්ථක වුණා. උපායමාර්ගිකව අසාර්ථක වුණා. ඔහුගේ ම අරමුණු ද එකක්වත් ඉටු කර ගැනීමට ඔහු අපොහොසත් වුණා. ආඩම්බරකම, නොසැලකිලිමත්කම සහ උපායමාර්ගික සැලසුම් නොමැතිකම නිසා, නෙතන්යාහු සිදු කළ දේශපාලන සහ උපායමාර්ගික හානිය යථා තත්ත්වයට පත්කිරීමට අපට වසර ගණනාවක් ගතවනු ඇත.”

