නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි

BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය එරට සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ සෙසු ජන කොටස් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවය.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගණන 102ක් වන අතර, ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නේපාල හමුදාව සඳහන් කර ඇති බවය.

අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව නේපාල හමුදාව නිකුත්කරන ලද නිවේදනයේ සඳහන් වේ.

මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් විරෝධතාකරුවන් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර් බවය.

ඇයව විරෝධතාකරුවන් විසින් කත්මණ්ඩු නුවර පිහිටි නිවසේ සිරකර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිව නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වුණි.

මේ වන විටි ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 22 දක්වා ඉහළ ගොස් තිබේ.

සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණද විරෝධතාකරුවන් එය නොතකමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේවනවිට එරට අග්‍රාමාත්‍යවරයා, මෙන්ම ජනාධිපතිවරයා ද සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබේ.

විරෝධතාකරුවන් විසින් නේපාලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැල්ලටද ගිනි තබා ඇති බව වාර්තා වේ.

ඇඳිරිනීතිය නොතකෙමින් සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා විනාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *