පරිසරයට හානි කළොත් දැන් නව පනතෙන් අත්අඩංගුවට සමග දඩයකුත්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර සිටියේ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය, ශබ්ද දූෂණය සහ ජල දූෂණය සිදු කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි සංඥය වැරැදි බවට පත්කර ඇති අතර එම වරදක් සිදුකරන අයකුට රුපියල් ලක්ෂයේ සිට මිලියනයක් දක්වා දඩ නියම කළහැකි බවයි.
එමෙන්ම, එම වැරැද්දක් අඛණ්ඩව සිදු කරන්නේ නම් එක් දිනකට නියම කෙරෙන දඩ මුදල රුපියල් 5,000 කි.
මෙහිදී පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි පැවසුවේ පරිසර දූෂණය පාලනය කිරීමට අත්‍යවශ්‍ය මීට පෙර පරිසර පනතේ අඩංගු නොවූ ක්ෂේත්‍රයන් කීපයක්ද සංශෝධිත පනතට එකතු කර තිබෙන බවත්, ඒ යටතේ රසායනික දූෂණය පාලනය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය යන කාරණා සම්බන්ධව නව සංශෝධන යට ඇතුළත් කර තිබෙන බවත්ය.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වසර 25 කට පසුව සංශෝධනය කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2026/01/05 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය

