පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතුයි – රවි කරුණානායක මහතා පවසයි.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

රට ගොඩනැගීමේ කාර්යය දේශපාලනඥයන්ගෙන්ම ආරම්භ කළ යුතුය

රටේ වත්මන් තත්ත්වය හමුවේ තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා, මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, දේශපාලනඥයන් සඳහා ඩබල් කැබ් රථ ගෙන්වීමට වෙන් කරන මුදල් ද මේ මොහොතේ රට ගොඩනැගීමේ අරමුදලට යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ආයතනවල නාස්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීය.

“ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි පාඩු ලබන ආයතනවල නිලධාරීන්ට ගෙවන බෝනස් දීමනා වහාම නතර කළ යුතුයි. ඒ මුදල් මේ වෙලාවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් යොමු කිරීම රජයේ වගකීමක්.”

ලංකාවේ වත්මන් ඩොලර් සංචිතය පිළිබඳව අදහස් දක්වමින් කරුණානායක මහතා පෙන්වා දුන්නේ, සංචිත වැය කරනවාට සාපේක්ෂව ඒවා නැවත පිරවීමේ ක්‍රමවේදයක් නොමැති වීම බරපතල ගැටලුවක් බවයි.

එබැවින් අපනයන තත්ත්වයන් කඩිනමින් ඉහළ නැංවිය යුතු බව ඔහු පැවසීය. එමෙන්ම තෙල් මත යැපෙන විදුලි උත්පාදනය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම හරහා විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

රට මුහුණ දී ඇති ආපදා තත්ත්වයන්ට සාපේක්ෂව මෙතෙක් ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හයවෙනි වාරිකය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට තිබූ බව සිහිපත් කළ ඒ මහතා, හදිසි ණය ලබා ගැනීමේ ක්‍රමවේදයන්ට වඩා වාරික ක්‍රමයට සහන ලබා ගැනීම රටට වාසිදායක බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේදී රජය අනුගමනය කළ යුතු පිළිවෙත ගැන ඔහු මෙසේ අදහස් දැක්වීය.

“IMF එක රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාවත් අපි එතන දනගහන්න ඕනේ නම්. අයි.එම්.එෆ් එකට ගියාට අපේ කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරන්න ඕනේ. එතන දනගැසිය යුතු නැහැ.”

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *