ප්‍රසන්න රණතුංග , තමාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගනියි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඔහුගේ නීතිඥවරු විසින් අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
මෙම අභියාචනය අද මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී, ප්‍රසන්න රණතුංගට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කල් ලබා දුන් අතර, අනතුරුව එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංගට චෝදනා එල්ල වී තිබුණා

