පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා දෙදිනම රැස්වෙයි අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

හෙට (18) දිනට රැස්වීමට කැඳවා ඇති පාර්ලිමේන්තුව අනිද්දා (19) දින ද රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

අද (17) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.

දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීම

දෙසැම්බර් 19 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එදින රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කරගැනීමට නියමිතව ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *