පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල බෙදා දීම BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික තලයට දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනාගැනීම සහ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නව පාසල් යොමු කිරීමේ අරමුණ පෙරදැරිව අද දින මහනුවර ඊ ඇල් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ලක්ෂ තුනහමාරකට වඩා වටිනාකමින් යුත් ක්‍රීඩා කට්ටල ලබාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය තුමන්ගේ සුරතින් ලබාදීම සිදුකෙරිණි.

මාතලේ දිස්ත්‍රික්කයට අදාළව නව පාසල් 21 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ නව පාසල් 22 ක් මේ සඳහා තෝරාගෙන තිබිණි.

අලුතින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන පාසල් වලට පමණක් ක්‍රීඩා භාණ්ඩ බෙදා දෙන බව මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය ලේකම් වන ලලිත් ඇටම්පාවල මහතා විසින් ප්‍රකාශ කරන ලදී

අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබා දීලා ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන ඒමේ අරමුණින් හා කඩා වැටුණු රටක ක්‍රීඩාවන් ආපස්සට වැටිලා තිබෙන යුගයක එය ඉදිරියට ගෙන යාමත් පෝසත් රටක ලස්සන ජීවිතයක් හැදීම බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමන් වන සුගත් තිලකරත්න මහාතා අදහස් දක්වමින් කියා සිටියේය. ශාරීරික සෞඛ්‍යය හා මානසික සෞඛ්‍යය හැදීමත් නිරෝගී බුද්ධිමත් පරපුරක් බිහි කිරීම උදෙසා අපි සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා විසින් සාමූහිකත්වයක් සහිත ප්‍රජාවක් බිහි කිරීම සහ පාසල් සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීමට අරමුණක් තිබෙන බව ඒ මහතා අදහස් දක්වමින් කියා සිටි. හොඳ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අපේ රට ක්‍රීඩාවෙන් ඉහළටම ඔසවා තැබීම සහ යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාකරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් ලංකාවේ පාසල් 325 ක් මූලික කරගෙන මේ වසර අවසන් වීමට පෙර ක්‍රීඩා භාණ්ඩ බෙදා අවසන් කරන බවයි කියා සිටියේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *