“පෙට්‍රෝල් අර්බුදයට ස්ථිර විසඳුමක්: විදුලි වාහන හා සෝලාර් බලශක්ති විප්ලවය දැන්ම ආරම්භ කළ යුතුය”

www.bbcmirror.lk

www.Lankawebnews.lk

කතුවැකිය:

අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන අර්බුද අතරින් ඉන්ධන අර්බුදය (පෙට්‍රෝල් හා ඩීසල් හිඟය) යනු ජනජීවිතයට සෘජුව බලපාන, ආර්ථිකයම කම්පනයට ලක් කරන ගැටළුවකි. දිගු පෙළ ගාස්තු, ඉන්ධන මිල ඉහළ යාම, සහ විදේශ විනිමය හිඟය වෙලා රටක් ලෙස අපි ඉතාමත් බරපතල තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා.

මෙවැනි අවස්ථාවක, තාවකාලික විසඳුම් නොව, දිගුකාලීන සහ තිරසාර විසඳුම් සොයා ගැනීම රජයේ ප්‍රමුඛ වගකීමකි.

ඒ සඳහා ඉතා පැහැදිලි සහ ප්‍රායෝගික යෝජනාවක් ලෙස, විදුලි වාහන (Electric Vehicles) භාවිතය දිරිගැන්වීම සහ සෝලාර් බලශක්ති පද්ධති ජනතාවට පුළුල්ව ලබාදීම යන්න ඉදිරිපත් කළ හැක.

දැනට ශ්‍රී ලංකාවේ විදුලි වාහනයක් මිලදී ගැනීම සාමාන්‍ය ජනතාවට අතිශයින්ම අපහසු කාර්යයක් වී තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ:

ඉහළ ආනයන බදු ?

වෙළඳුන්ගේ අධික ලාභ ?

මිල පාලනයක් නොමැතිවීම ?

මෙම තත්ත්වය යටතේ, රජය විසින් විදුලි වාහන සඳහා බදු සියයට 100ක් දක්වා අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් සිදු කළහොත්, එය වෙළඳපොළ මිල විශාල ලෙස පහත වැටීමට හේතු වනු ඇත.

ඒ අනුව, අනාගතයේදී සාමාන්‍ය පුරවැසියෙකුටත් ලක්ෂ 20–25 අතර මිලකට විදුලි වාහනයක් මිලදී ගැනීමේ හැකියාව ලැබිය හැක. එවැනි පියවරක් ගත්හොත්:

• පෙට්‍රෝල් භාවිතය සැලකිය යුතු ලෙස අඩුවේ

• විදේශ විනිමය ඉතිරි වේ

• ජනතාවට ආර්ථික සහනයක් ලැබේ

මෙය තවත් ඉදිරියට ගෙන යමින්, සෝලාර් පැනල් සහ බැටරි පද්ධති සඳහාද බදු ඉවත් කිරීම සහ මිල පාලනයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ.

දැනට සෝලාර් උපකරණ වෙළඳපොළද අධික ලාභ ඉලක්ක කරගත් අය විසින් පාලනය කරන තත්ත්වයක් පවතින අතර, එය සාමාන්‍ය ජනතාවට එම තාක්ෂණය වෙත පිවිසීම අසීරු කර ඇත.

ඒ වෙනුවට:

#සෝලාර් පද්ධති සඳහා සහනදායී ණය යෝජනා

#රජයේ අධීක්ෂණය යටතේ මිල පාලනය

#ගෘහස්ථ සහ වාහන charging සඳහා solar integration

යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළහොත්, රටක් ලෙස අපට විදුලි හා ඉන්ධන අර්බුද දෙකම එකවර පාලනය කරගත හැකි වේ.

මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුලින්

*විදුලි අර්බුදය අඩුවේ

පරිසර හිතකාමී රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට යයි

👉 මිනිස්සු ගෙදරම විදුලිය හදයි

👉 වාහන charge කරගන්නවා

👉 රටට ඉන්ධන import කරන්න එක අඩුවේ

🙏 ගරු ජනාධිපතිතුමනි,

මෙම policy එක ක්‍රියාත්ම කරන්නෙ නම්

ජනතාවට relief එකක් ලබා දෙන්න පුළුවන් බව මගේ විශ්වාසයයි ☸️☪️🕉️✝️🇱🇰🙏🏻

✍️ Dr. M. M. Shafaan

CEO & Chief Editor

Human Rights protection Org

BBCMirror Media

Asia News Plus One

www.bbcmirror.lk    

www.asianewsplusone.com     

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.ceylonwebrepoter.com

www.ceylonwebnews.com   

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *