පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පොලිස් සංඥා නොතකා අදාළ ලොරි රථය ධාවනය කිරීම හේතුවෙන්, එම ලොරියේ රෝද වලට පොලීසිය විසින් වෙඩි තබා ඇත.

අදාළ ලොරි රථයේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ බවත් එම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකාර රියදුරා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

2026/02/01 වෙනි  දින අලුයම ධර්මපුරම් ප්‍රදේශයේ වේගයෙන් ධාවනය වූ ලොරි රථයකට පොලීසිය විසින් එලෙස වෙඩි තබා ඇති අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *