පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරු කිරීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ස්ථාන මාරු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකුය.

ඒ අනුව, ගාල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා බඳවාගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.

ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයට මාරුකර ඇති අතර, මොනරාගල කොට්ඨාසයේ සේවය කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්. ගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරුකර ඇත.

එසේම, කොළඹ උතුර කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතා කළුතර කොට්ඨාසය භාර නිලධාරියා ලෙස මාරුකර ඇති අතර, පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාල අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ඩබ්.එම්.එස්.බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *