බ්‍රසීලයේ සංචාරයක නිරත වන ලෙසට බ්‍රසීල ජනපති Luiz Inácio Lula da Silva විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර තිබෙනවා.

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීල ජනපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම ආරාධනය සිදු කළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

එම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී රටේ ආර්ථික තත්ත්වයන් පිළිබඳවද අදහස් හුවමාරු කර ගත් බවත්, සංචාරක, කෘෂිකාර්මික හා වෙළෙඳ යන අංශ ඇතුළත් පුළුල් සහයෝගීතා වැඩපිළිවෙළක් සකස් කිරීමටද නියමිත බවත් බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *