බ්‍රසීල හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා වරදකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කළේය.
එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර, එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබේ.
2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස වරදකරුකර ඇත.

