බූස්ස රැදවියන්ට මත්ද්‍රව්‍ය මිශ්‍ර සීනි තේකොල ගෙන ආ කාන්තාවන් දෙදෙනෙක් දැලේ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන අමල් රාජ් සහ සුනිල් සාන්ත නමැති පුද්ගලයන් දෙදෙනා හට ලබාදීමට මත්කුඩු මිශ්‍ර සීනි සහ දුම්කොල කලවම් කළ තේ කොළ රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ තහනම් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා රත්ගම පොලිසියට භාරදීී ඇත.
දැනට අත්අඩංගුවේ පසුවන සුනිල් සාන්ත නම් රැඳවියා වසර කිහිපයකට පෙර පාතාලයේ නම් ගිය මධුෂ්ගේ මෙහෙයවීම මත ව්‍යාජ ලෙස බන්ධනාගාර බස් රථයක් සකසා බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස්වලාගෙන පැමිණි පිරිසක් සමග පලා ගිය පුද්ගලයකු වේ.
රත්ගම පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කෙරේ.

