මස් , බිත්තරත් මිලත් ඉහලට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බිත්තරයක මිල රුපියල් 40 ක් දක්වාද, හම සහිත ශීත කළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින්ද ඉහළ ගොස් ඇත.

කුඩා ප්‍රමාණයේ බිත්තරයක මිල රුපියල් 37 ක් දක්වාද, මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක මිල රුපියල් 39 ක් දක්වාද, ලොකු (රතු) බිත්තරයක මිල රුපියල් 40ක් දක්වා වැඩිවී තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ යාම, කුකුළු ගොවිපොළ කටයුතුවලට දැඩි ලෙස බලපා ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්.ගුණසේකර පැවසීය.

කුකුළු ගොවිපොළවල කුඩා පැටවුන් උණුසුම් කිරීමේ කටයුතුවලට ගෑස් භාවිත කරන බවත්, කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ යාම අසාමාන්‍ය ලෙස කුකුළු ගොවිපොළ කර්මාන්තයට බලපා තිබෙන බවද ඔහු කීවේය.

කුකුළු ගොවිපොළවලින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ සම සහිත කුකුළු මස්ය. මේ වනවිට එම කුකුළු මස් කිලෝවක මිල 1,200 ත් 1,250 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *