“මහනුවර නගරය ආලෝකමත් කරමු” – Kandy Breeze Night Fest සැප්. 13 සිට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මහනුවර නගරය ආලෝකමත් කරමු” – Kandy Breeze Night Fest වැඩසටහනේ මේ දක්වා ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ඊයේ(02) පැවැත්විණි.

මහනුවර නගරය වෙත දෙස් විදෙස් සංචාරකයින් ගෙන්වාගැනීම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම රාත්‍රී වෙළදපොළ තෙවන අදියර පසුගියදා සාර්ථක අවසන් විය.

ඒ අනුව ඉදිරි සැප්තැම්බර් මස 6 වැනි දින පැවැත්වීමට නියමිත වැඩසටහන පසුදා යෙදෙන බිනර පොහෝ දිනය හේතුවෙන් එදිනට නොපැවැත්වීමට එළඹෙන සැප්තැම්බර් 13 වෙනිදා දින නව මුහුණුවරකින් පැවැත්වීමට ද තීරණය කෙරිණි.
ඒ සම්බන්ධයෙන් ගත යුතු තීරණ හා සැලසුම් හා අදහස් යෝජනා ඇතුළු කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා විය.
මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) , මහනුවර මහ නගර සභාව, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මහනුවර පොලීසිය ඇතුලු ආයතන රැසක දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු යොදා ඇති බවට වර්තා වෙන

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *