මාතලේ මහ රෝහලට ඇතුළු විය හැකි අනවසර පිවිසුම් කිහිපයක් නිසා රෝහලේ ආරක්‍ෂාව පිලිබදව අවදානමට ලක්ව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු පවසයි. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ඔහු මේ බව පැවසුවේ රුපියල් මිලියන 170ක වටිනාකමකින් යුතුව ප්‍රතිසංස්කරණය කරන ලද රෝහල් ඒකකයක් විවෘත කළ අවස්ථාවේදීයි.
එම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එක්ව සිටියේය.
රෝහල් පරිශ්‍රයට ඇතුළු විය හැකි අනවසර පිවිසුම් ඔස්සේ විවිධ පුද්ගලයන් රෝහලට ඇතුළු වන අතර ඇතැම් වාහන රෝහල් පරිශ්‍රය කෙටිමඟක් ලෙස භාවිත කරමින් කාර්ය මණ්ඩල වාහනවලට හානි සිදුකරන බව ද වෛද්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.
රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය සහ වෛද්‍ය උපකරණ නොමැතිකම වැනි අභියෝග ද පෙන්වාදුන් ඔහු, එම ගැටළු සදහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

