මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය කළමනාකරණයට කමිටු තුනක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි ආර්ථික බලපෑම් කළමනාකරණය කිරීම සඳහා විශේෂ කමිටු තුනක් පත්කර ඇති බව අගමැති හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කළේ, රට තුළ ඇතිවිය හැකි ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්ට පෙර සූදානම් වීමේ අරමුණින් මෙම කමිටු පත්කර ඇති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ජනතාවට අඛණ්ඩව සැපයීම සහ ඒ සම්බන්ධ කළමනාකරණ කටයුතු පවත්වාගෙන යාම සඳහා පිහිටුවා ඇති බව ඇය පැවසුවාය. තවත් කමිටුවක් රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සහ එම සේවා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කර තිබේ.

එමෙන්ම රටට අවශ්‍ය බලශක්ති සැපයුම සහ ඒ සම්බන්ධ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වෙනම කමිටුවක් ද පිහිටුවා ඇති බව අගමැතුමිය  වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *